Showing posts with label තිලෝපත්. Show all posts
Showing posts with label තිලෝපත්. Show all posts

Sunday, June 7, 2020

උදාවේ සැඳෑවෝ

උදාවේ සැඳෑවෝ
සුපුන් සඳ සිම්බෝය
සිනහවේ කතාවෝ
ලවන් ළඟ හැඬුවෝය
ප්රේමයේ ලතාවෝ
පවන් මඳ සැලුවෝය
ගීතයේ නිශාවෝ
පහන් හඬ නැඟුවෝය

-MDN-


2018 මැයි  7  ලියන ලද්දකි



පහයි තිහ රේල්ලුව එන විටදි හිනැහියං

පහයි තිහ රේල්ලුව
එන විටදි හිනැහියං
පීල්ලට කන තියා
පයිංඩේ අසාපං
ගිවිසුමේ අස්සනක්
පැන්සලෙන් දමාපං
කොළොංතොට ගිනි ගනී
කන්මනී අඬාපං

ගෝල් ෆේස් පිට්ටනියෙ
සරුංගල් යවාපං
අරුංගල් දෙක දෙකක් ගෙන
ඇගෙ කනේ තියාපං
සුන්දරම් අඩ සඳේ
කුරුටු ගී ලියාපං
යාපනේ විසුණු වෙයි
විමලෙ කෑ ගසාපං

කාර්මික පුරවරේ
මැසිමක් ව දුවාපං
ෆ්ලැට් එකක් හෙවිල්ලන
අහස හිල් තියාපං
අවුරුද්ද සමරන්න
වෙඩිල්ලක් යවාපං
සාමයේ සූස්තිය
වදින්නම ගසාපං

-MDN-


2018 මාර්තු 16 දින ලියන ලද්දකි



ෆැන්ටසියෙ නිදාගෙන රියැලටියෙ ඇහැරෙන්න

ෆැන්ටසියෙ නිදාගෙන
රියැලටියෙ ඇහැරෙන්න
ලේ පයින්ට් මිල ගසා
කඩපොළේ විකුණන්න
සම්මතේ බැරියරේ
ගැලවිලා විසිවෙන්න
"පවර් ටූ ද පීපල්" ගයන
තිලෝපත් සඳ වෙන්න
ධූම'තර ඩිස්කෂන්
සයිලන්ට් ව කන්දෙන්න

අවසාන හිස් ගැසුම
හරසරින් සමරන්න
ලේ ගලන හිස් තබා
බිම් කඩක් වටලන්න
පැන් වඩමු පෙළට හිඳ
මල් වඩම් පැළවෙන්න
සෙනෙහසත් අඩු මිලට
කොටස් කර විකුණන්න


අමුත්තක් නැහැලු ඇඟ
කොටස් කර විකුණන්න
ඇට කැබලි ලාභයට
බල්ලන්ට ලෙවකන්න
ෆාතිමා නන්දනී
මිනී ගොඩ ගැනගන්න
ලක් ධජය එහි ගසා
සීරුවෙන් හිටගන්න

-MDN-


2018 මාර්තු 14 දින ලියන ලද්දකි



ආදරණීය ඇලීනා

ආදරණීය ඇලීනා,

මට ඕන සඳ මතට
ඇසිඩ් වැසි වස්සන්න
මෙලෙක් බව පිරි බිමේ
පස් කැටිති තදවෙන්න
ආම්ලික රෝස පෙති
කටුක ඉමිහිර දෙන්න
ඩීල් දා සඳ එක්ක


උඹ නැතුව තනිවෙන්න

පිනි එක්ක සක්මනේ
පතුල් මත විස දෙන්න
ලේ එක්ක මුහුවෙලා
හාට් එක තදවෙන්න
එළිය නැති සක්වලේ
බල්බයක් දල්වන්න
අඳුර දැක රතු සෛල
ගොජ දමා පුපුරන්න


ඇලීනා ආදරෙන්
පෙම් පතම කියවන්න
භාෂ්මික හදවතක
ආම්ලික ලෙය වෙන්න
විනිවිදින පෙමක් ඇත
අයිලයේ ඔබ ඉන්න
ඇසිඩ් වැසි එයි හෙටත්
තෙමෙන්නට ඉවසන්න


මීට ආදරෙන්,
ආන්ද්රෙයි....

-MDN-


2018 ප‌ෙබරවාරි 12 දින ලියන ලද්දකි