නම් නොලද අකුරු

ඒක සැනිටයිසරීය ප්‍රේමයක්

දන්නවද කාජල්,

මේක මහ ආත්මාර්ථකාමී ලෙඩක්

ඔයා නොදන්නව උනාට

බොහෝ වෛරසීය හැන්දෑවල

ආසාදනය උනා හොඳටම !

" කොහෙ දැනෙන්නද අපිට?"

ඒ තරමට ම වැඩ!





නමක් නොමැති විහාර මහා දේවී


ඔද තෙද ඇති කැළණිතිස්ස

කනේ කඩුක්කම පැළඳුව

සළුව ගසා ගෙන කැහැපට

පාලම යට මහරජ වුණ

 

තෙල් කඳුළක් ගෙයි නැති සඳ

පැන්න දිනක තද රතු ඉර

කිණිසි පාර හත අට ඇන

කොටු පැන ගිය බිසව මැරුව


තව කියවන්න





බරැති සුසුමන් හෙළමි

කලක් තිස්සේ කර තබා ගත්
මතක පැස හිස් කරමි
එකින් එක ගෙන පරිස්සම් ලෙස 
පැමිණි මඟ අස තබමි
යළිත් නොබලන නමුත් මඳකට
එතන රැඳිලා හිඳිමි 
පාව යන්නට නොදී ඒ මත
බරැති සුසුමන් හෙළමි





මඳ මඳ උපන් සිලි සිලි සුළඟකි රෑක


යුග යුග ගණන් එක එක මඟ බැඳි හාද
බැඳි බැඳි ගමන් ගිය ගිය හිත රඳවාන
රඳ රඳ තැනින් යළි යළි මතු මඳහාස
මඳ මඳ උපන් සිලි සිලි සුළඟකි රෑක






ඒ හුළඟෙ මහා ලොකු හීතලක් තිබුණා
ගිනි මද්දහනෙ වුණත්!

අපි හිටියෙ උස තල් ගහක් යට 
උතුරු සළුවෙන් පවන් සල සල
පිපාසාවට බිව්වෙ තල් රා
නාලාගිරි තරම් නොවුණට

ඉන්තේරුවෙන්ම කියතැහැකි
අපේ සිහි විකල් වුණේ 
ඒ පංකාදු රා ටිකට නොවන වග
ඔක්කොම කරේ ආං අර හීතල හුළඟ
උතුරු සළුවට බර වැඩි වුණා ඒක


සිනා වගුරන වළාවක් යට වතාවක් වැහිපොද විඳී

තබා සනහස සිතාගත් අත නෙලාගත් උයනක රැඳී
මුදා වරලස ලතාවක් මත රටාවක් නැහැපුඩු     අඳී
සලා මදහස වසාගත් ගිර බෙදාගත් බෙයදක    හිඳී
සිනා වගුරන වළාවක් යට වතාවක් වැහිපොද   විඳී








No comments:

Post a Comment