මිනිස්කමින් නැවත ඉපදිය යුතුය
මිනිස්කම අමතක කර දමා හැල්මේ දිව යන අපට සොබාදහම විසින් වරින් වර මිනිස්කම යනු කුමක් දැයි සිහිපත් කරමින් සිටියි. සහස්ර ගණනක් පටන් දිවෙන මානව සංහතියේ මෙතෙක් නිම නොවූ කතා මාලාවේ අති විශේෂිත වූ පරිච්ඡේදයක් මේ මොහොත වන විටත් බිහිසුණු ලෙසින් ලියැවෙන අයුරු අපට බලා සිටින්නට සිදුව ඇත. එකී පරිච්ඡේදයේ එක් සන්දිස්ථානයක් වූ ඉතාලිය මෙම පරිච්ඡේදයෙහි බිහිසුණු බවට මුහුණ දෙමින් සිටියි. ඉතාලියානු ගායන ශිල්පියෙකු වන Roby Facchinetti ගේ හඬින් මේ ගැයෙන්නේ මානව සංහතියේ මෙතෙක් නොනිමි කතා මාලාවේ එළඹෙන පරිච්ඡේදය මෙයට වඩා යහපත් ලෙසින්, අපම ලිවිය යුතු බව නොවේද?
( Rinascerò, Rinascerai (I’ll Be Reborn, You’ll Be Reborn) ගීතයේ ඉංග්‍රීසි පරිවර්තනයට අනුව ලියූවකි. )
මම නැවත ඉපදෙන්නෙමි, ඔබ නැවත ඉපදෙනු ඇත.
මම නැවත ඉපදෙන්නෙමි, ඔබ නැවත ඉපදෙනු ඇත.
මේ සියල්ලෙහි අවසන,
අපි නැවත තරු දකිනු ඇත.
මම නැවත ඉපදෙන්නෙමි, ඔබ නැවත ඉපදෙනු ඇත.
කුණාටුව අපව එහි ග්‍රහණයට නතු කරගනිමින්
යටත් කොට ඇති මුත්
එය අපව බිඳ නොදමනු ඇත.
අප ඉපදුණේ දෛවයට අභියෝග කිරීමට වුවද,
හැම මොහොතකම ජය ලැබුවෝ අපි ම වෙමු.
මෙ'දවස් " අප දවස් " වෙනස් කරනු ඇත.
නමුත් මේ මොහොතේ අපි
තව ඇබින්දක් ඉගෙන ගනිමු.
මම නැවත ඉපදෙන්නෙමි, ඔබ නැවත ඉපදෙනු ඇත
මම නැවත ඉපදෙන්නෙමි, ඔබ නැවත ඉපදෙනු ඇත.
විසල් අහසින් බදා වැළඳගත් හෙයින්,
අපට නැවත දෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇත.
නිහඬතාවය තුළ
නැවුම් වාතයේ හුස්මක් ඇත,
නමුත් මම මගේ මේ නගරයට බිය වෙමි.
අප ඉපදුණේ දෛවයට අභියෝග කිරීමට වුවද,
හැම මොහොතකම ජය ලැබුවෝ අපි ම වෙමු.
මම නැවත ඉපදෙන්නෙමි, ඔබ නැවත ඉපදෙනු ඇත
මම නැවත ඉපදෙන්නෙමි, ඔබ නැවත ඉපදෙනු ඇත....///
MDN
ප.ලි. :- ඉහත සඳහන් ලෙස මානව සංහතියේ එළඹෙන පරිච්ඡේදය යහපත් ලෙස ලිවීමට නම් අප විශ්වාසය තැබිය යුතු දෙවියන් මිහිපිට වෙසෙනා අපම පමණක් බැව් වටහා ගත යුතුය. එවිට සැබැවින්ම අප ජය ගනු ඇත.
ගීතය රසවිඳීම සඳහා පිවිසෙන්න
http://ity.im/4suG0
2020 අප්‍රේල් 1 දින ලියන ලද්දකි
No comments:
Post a Comment